ක්ලබ් වසන්තගේ ඝාතකයින්ට බර ගාණකට මාස 06කට ඉන්න ලැබුණ තැන..
පසුගියදා අතුරුගිරිය ප්රදේශයේ දී සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කෙරිණ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් ජූලි 8 වනදා ය.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ.
අනතුරුව දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලීසිය ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව අනාවරණ කරගෙන තිබෙනවා.
එම ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පළායෑම වෙනුවෙන්ම විශේෂ බස් රථයක් සූදානම් කර තිබී ඇති බව වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එමෙන්ම, ඔවුන් එමගින් පළාගොස් ඇති අතර ඔවුන් දෙදෙනා ඇතුළු පිරිස මාස 6ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා දී අතුරුගිරිය ප්රදේශයෙන් කුලී නිවසක් ද ලබාගෙන සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.