"එයාගේ ඇස්වල කඳුළු තිබුණා.ඒ වෙලාවේ.." - වසන්ත පෙරේරාගේ පුතා අවසන් මොහොතේ සංවේදී වී කියු දෙය..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Death
Latest Headlines
By krishani
මේ දිනවල සමාජයේ බොහො දෙනා කතා වෙන්නේ ක්ලබ් වසන්ත හෙවත් වසන්ත පෙරේරාගේ ඝාතනය සම්බන්ධයෙන් ය.
ඒ වාගෙම ඔහු කළ හොඳ නොහොඳ ගැනත් කතා බහට ලක්වෙනවා දකින්න පුලුවන්.
ඔහුගේ අවමංගල්‍ය සභාවේ දී සිය පුතා කළ කතාව හැමෝගෙම හදවත් සංවේදී කළා.
"කවදාවත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ. හැමදාම කන්න බොන්න දුන්නා. තාත්තාගේ සතුටට හිටියේ අපි. මම තමයි ඉස්සෙල්ලම තාත්තව දැක්කේ. එයාගේ ඇස්වල කඳුළු තිබුණා. ඒ වෙලාවේ අපිව මතක් වෙන්න ඇති කියලා මම හිතනවා. එයාට පවුල තමයි හැමදේම.ඊට පස්සේ තමයි අනිත් හැමදේම. කන කෑම එක ඉස්සෙල්ලම කන්න දෙන්නේ අපිට ඊට පස්සෙ තමයි එයා කන්නේ. තාත්තා මට ලොකූ වගකීමක් දීලා ගිහින් තියෙන්නේ. මම ඒක කොහොම හරි ඉශ්ඨ කරනවා.මගේ පවුලේ හැමදෙනාවම බලා ගන්නවා."