මොකක්ද මේ ඒ ගමන වුණේ?. ක්ලබ් වසන්ත ගැන කියලා ආ කෝල් එක..
අතුරුගිරිය ප්රදේශයේ ටැටු ආයතනයක් තුළ දී නාඳුනන වෙඩික්කරුවන් අතින් ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මිය ගියේ ය.
ඔහුගේ දේහය මහජන ප්රදර්ශනය සඳහා තැම්පත් කර ඇති බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවට දෙවැනි වරටත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වේ.
එම තර්ජනාත්මක දුරකථන ඇමතුම එම ආයතනයේ ස්ථාවර දුරකථනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙන්නේ.
සඳහන් වන්නේ, එම දුරකථන ඇමතුම ඔස්සේ දැනුම් දී ඇත්තේ ක්ලබ් වසන්තගේ මල් ශාලාවේ තබා නොගන්නා ලෙසට කළ දැනුම්දීම පවුලේ උදවියටද දැනුම් දුන්නේද ? යනුවෙන් බවයි.
පසුගිය ජූලි 10 වෙනි දින එම මල් ශාලාවට ලද පළමු තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහිදී අදාළ ඇමතුම විදෙස් රටක සිට ලැබී ඇති බවට පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ අනුව එම තර්ජනාත්මක ඇමතුම හේතුවෙන් මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇත.