ක්ලබ් වසන්ත ඝාතනයේ එළියට ආ අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines Decision Making
By krishani Jul 24, 2024 12:01 PM GMT
Report

පසුගිය 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේදී tatto මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කෙරිණ.

ක්ලබ් වසන්ත ඝාතනයේ එළියට ආ අලුත්ම ආරංචිය මෙන්න. | Death Wasantha Perera 08Th July 2024

එමෙන්ම එහිදී සිව් දෙනකු පමණ රෝහල් ගත කළේ ය.

මෙම සිද්ධියට පැමිණි ඝාතකයින් එම ස්ථානයට කාර් රථයකින් පැමිණ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

පසුව අතුරුගිරිය කොරොතොට ප්‍රදේශයේදී වෑන් රථයකට මාරුවී පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය.

එම ලබාගත් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අතුරුගිරිය බස්නාහිර පළාත් බුද්ධි අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් කළ මෙහෙයුමකදී වෑන් රථය පැදවූ පුද්ගලයා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ය.

මෙම ඝාතනය විදේශ රටක සිට මෙහෙයවන ලොකු පැටි නැමති පුද්ගලයාගේ නෑනාගේ ස්වාමියා වන "චතුරංග මධුසංක" නැමැති පුද්ගලයා විසින් මතුගම ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ හතළිහක් පමණ ලබා දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ දින කඩුවෙල හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවගේ නමට ලිඛිත ලියවිල්ලක් මත ලබාගත් බස් රථයක් අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආ බවට තොරතුරු අනාවරණය විය.

මෙය සැලසුම් කිරීම සඳහා අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක් ද ලබාගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති කාර් රථයෙන් පැමිණ අපරාධය සිදුකර අතුරුගිරිය කොරතොට ප්‍රදේශයේ දී කාර් රථයෙන් බැස වෑන් රථයකට ගොඩ වී ඇත.

ඒ අනුව වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ලොකු පැටියගේ සමීපතම ගෝලයකු වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි "කාලිංග කසුන් උදයංග " නැමති පුද්ගලයෙක් බව වාර්තා වේ.

මෙම වෙඩික්කරුවන් එම වෑන් රථයෙන් බැස චතුරංග මධුසංක නැමැති පුද්ගලයා විසින් මතුගමින් ලබාගත් බස් රථයට කඩුවෙල ප්‍රදේශයේදී නැග කතරගම ප්‍රදේශයට පලා ගොස් ඇත.

මෙලෙස මොවුන් හට ඝාතනය කිරීමෙන් පසු පැමිණීම සඳහා වෑන් රථය පැදවූ "චතුරංග මධුසංක " නමැති පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස මෙම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ අතහැර දමා ගිය බවට අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහු විදේශගත වීමට තීරණය කර ඇති අතර, එසේ තීරණය කර ඔහු විදේශගතවීමට සූදානම් වන අවස්ථාවේදී අතුරුගිරිය බස්නාහිර පළාත් බුද්ධි අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගත් වෑන් රථය පැදවූ රියදුරු වන "චතුරංග මධුසංක " නැමැති පුද්ගලයා සහ ලොකු පැටියගේ සමීපතම ගෝලයකු වන "කාලිංග කසුන් උදයංග' නැමති පුද්ගලයන් දෙදෙනා අද (24) අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.