බිරිඳටත් වස දීලා සැමියත් වස පානය කරලා - හද කම්පා වෙන සිදුවීමක් නිදහස් දවසෙම මෙරටින්..

Sri Lanka Police Sri Lanka Police Investigation Death Latest Headlines
By krishani Feb 06, 2024 06:08 PM GMT
Report

පසුගිය (04) වෙනිදා සුරියවැව ප්‍රදේශයේ අඹුසැමි යුවලක් වස පානය කර මියගොස් තිබෙනවා.

බිරිඳටත් වස දීලා සැමියත් වස පානය කරලා - හද කම්පා වෙන සිදුවීමක් නිදහස් දවසෙම මෙරටින්.. | Death Two Person At Sooriyawawa

ඒ බිරිඳගේ රෝගයට ප්‍රතිකාර සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් ය.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ සුරියවැව වෙනිවැල් ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවලක් ය.

බිරිඳ දීර්ඝ කාලයක සිට කශේරුකාවේ තිබූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති බව වාර්තා වේ.

ජීවත්වීමට පවා ආර්ථීක තත්ත්වයක් නොමැති වීමත් සමග දිවි ගෙවු ඔවුන් එවන් පසුබිමක බිරිඳට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැති වීමෙන් නිදහස් දිනයේ බිරිඳට වස ලබා දී සැමියා ද වස පානය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.