ලංකාවේම හදවත් කම්පා කරමින් වරකාපොල නිවසක් මතට කඩා වැටුණු පස් කන්ද - මව සහ 24හැවිරිදි වැඩිමල් පුත්‍රයා මිය යයි.. සංවේදී දර්ශන සහිතයි.. (PHOTOS)

Sri Lanka
By krishani Oct 16, 2022 04:23 AM GMT
Report

වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පෙරේදා (14) දින පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සහ මවගේ සිරුරු ඊයේ දින සොයා ගන්නා ලදී.

පස් කන්දට යට වී තිබූ මවගේ සිරුර ඊයේ  අලුයම සොයාගනු ලැබූ අතර යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුරු සොයාගෙන ඇත්තේ.

අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කළේ ය.

සිද්ධිය වන අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස්ව ඇත.  

එම සංවේදී දර්ශන පහතින් ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery