වරකාපොල නිවසක් මතට පස්කන්දක් කඩා වැටි සිදු වූ සංවේදී ඛේදවාචකය - මවගේ සහ වැඩිමහල් පුතුගේත් සිරුරු සොයා ගනී..
Sri Lanka
By krishani
වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ(14) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සිරුර ද සොයාගෙන ඇත.
යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයාගෙන ඇති අතර පස් කන්දට යට වී තිබූ මවගේ සිරුර අද අලුයම සොයාගනු ලැබීය.
අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කළේ ය.
සිද්ධිය වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |