නිවසක් මතට විශාල පස් කන්දක් සහ ගලක් පෙරළෙයි - දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Dec 26, 2022 01:47 AM GMT
Report

මහනුවර, දුනුවිල ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (25) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී, විශාල ගලක් පෙරළීමෙන් ළමයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

18 හැවිරිදි අයේෂා නිශානි විතාරණ සහ 16 හැවිරිදි සිතුම් සාරංග විතාරණ නම් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු එලෙස මිය අතර එම අනතුර සිදු වූ අවස්ථාවේ මව, පියා සහ දරුවන් තිදෙනෙකු එම නිවසේ සිට ඇත්තේ.

තුවාල ලැබූ මව, පියා සහ 12 හැවිරිදි දැරියක් රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය.

පස් සහ නිවසේ සුන්බුන් අතර සිරවී සිටි දරුවන් සොයාගනු ලැබුවේ යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් වන අතර එම දරුවන් දෙදෙනා සොයා ගන්නා විටත් ඔවුන් මිය ගොස් සිට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join