පුද්ගලයන් තිදෙනෙකුට දිවි අහිමි කළ අකුණු සැර... තම්මැන්නාව වැවෙන් ඇහෙන සංවේදි කතාව..

Sri Lanka Death
By krishani Aug 12, 2023 05:40 AM GMT
Report

අනුරාධපුර , සීප්පුකුලම තම්මැන්නාව වැව අසලදි ඊයේ සවස අකුණු සැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබුණා.

මිය ගිය අය අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබලෙක්ද වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මසුන් ඇල්ලීමට ගිය ධිවරයින් ලෙස ඊයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණද මිය ගිය අය ධීවරයන් නොවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් තිදෙනා වැව අසලට ගොස් තිබුණේ මසුන් මිළදී ගැනීමටයි. 

- සිතුමි -