මව්පියන්ගේ අඩදබර දරාගත නොහැකිව දරුවෙකු සියදිවි නසා ගත් සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Sep 17, 2022 04:30 AM GMT
Report

මව්පියන් නිරන්තරයෙන් ඇති කරගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්දෙණිය - ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි නිලංග බණ්ඩාර නමැති 20 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර මෙම දරුවා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකුයි.

ඊයේ (16) අලුයම නිවසේ කාමරයේ දී මොහු තංගුස් කඹයකින් ගෙළවැලලාගෙන මියගොස් සිටියදි නිවැසියන්ට හමු වී ඇත.