ගිනිබෝල කරකවමින් සිටි පාසල් සිසුවාට විදුලි සැර වැදී ජිවිතක්ෂයට - ඔහු බේරා ගැනිමට ගිය තවත් දෙදෙනෙකු තුවාල ලබයි.. එහි සිදු වූ හදවත් සංවේදී කරන සිදුවීම..
දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇත.
දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන ගිහාන් කවිඳු වික්‍රමරත්න 17 හැවිරිදි සිසුවා අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනි බෝල කැරකැවීමේ යෙදී සිට ඇත.
දේවාලයේ සිට තාවකාලිකව බට පඳුරක් වෙත ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා යකඩයෙන් තැනූ වළල්ල ගැටීමත් සමග සිසුවාට විදුලි සැර වැදී බිම වැටී ඇත.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ගිනිබෝල කරකවමින් සිටි තවත් තරුණයන් දෙදෙනෙක් ඔහු බේරාගැනීමට ඉදිරිපත් වීමේ දී ඔවුන් ද තුවාල ලබා ඇත.
1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ විදුලි සැර වැදුනු සිසුවාට කෘතිම ස්වසනය ලබා දී කළුතර මහ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.