සියල්ලන් හඬවමින්, හදවත් කම්පා කරමින් පුංචි සෙහන්සා සදහටම අපි අතරින් යන්නම යයි - මෙවන් අකල් විපතක් මතු කිසිම ආත්මෙක අත් වෙන්න එපා පුංචි පුතේ.. (VIDEO)
Accident
Death
By krishani
පසුගිය දා වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ ජල කරාමයක් සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිඟිති දියණියකට දිවි අහිමි විය.
එම සිදුවීම හේතුවෙන් මුළු රටේම ජනතාවගේ සිත් කම්පනයට පත් විය.
මෙම අනපේක්ෂිත අනතුරින් මිය ගියේ සෙහන්සා නෙත්සරණි නම් සය හැවිරිදි දියණියක් ය.
අත් සේදීමට ගිය කුඩා දරුවන්ගේ ඇඟට කඩා වැටුණු මෙම තාප්පය වසර 10ක් පමණ පැරණි එකක් බවට පැවසෙයි.
මේ අතර එම ඉදිකිරීමෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ වීය.
සිද්ධිය සැලවීමෙන් පසු පාසල අසලට පැමිණි දෙමාපියන්ට එක්වරම පාසල තුළට ඇතුළු වීමට ඉඩ නොදීම නිසා එහිදී උණුසුම්කාරී තත්වයක් ද ඇති විය.
කෙසේවෙතත්, සියල්ලන් හඬවමින් පුංචි සෙහන්සා සදහටම අපි අතරින් සමු ගත්තේ ය.
විඩියෝ දර්ශන පහතින්,