සියල්ලන් හඬවමින් තවත් පාසල් සිසුවෙක් දිවි අහිමි කරගෙන.. සංවේදී පුවතක් මෙරටින්..
15 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවස තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් පුවතක් හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසෙන් වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ජිවිතක්ෂයට පත් ව ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් පැන්මුර් දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ආර්.කොබි හර්ෂන් නැමති පාසල් සිසුවෙක් ය.
අදාළ සිසුවාගේ මව, සොහොයුරා සහ සොහොයුරිය සමග ඊයේ (30) දින පස්වරුවේ එම වතුයායේ කොවිලේ පැවති උත්සවයකට සහභාගි විමට ගොස් එදින රාත්‍රි 9ට පමණ නැවත නිවසට පැමිණ තිබෙනවා.
එලෙස පැමිණෙන විට පාසල් සිසුවා නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ පිහිටි කාමරයක එල්ලි සියදිවි හානිකරගෙන ඇති බව මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හැටන් පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Sponsored By Sarrita Jewellery