පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ මරණ වාර්තාව එළියට. - සිරුරේ තිබී හමු දේවල් මෙන්න.
පසුගියදා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින්21 හැවිරිදි තරුණයෙක් සිරමැදිරිය තුලදී මියගොස් තිබුණා.
අනුරාධපුර දෙවැනි පියවරේ පදිංචිව සිටි 22 හැවිරිදි සනුක ගිහාන් මාරඹගේ නමැති තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ බව පවසමින් ඥාතීන් හා ප්‍රදේශවාසීන් පොලිසියට චෝදනා කරන අතර මේ වන විට මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ, ඔහුගේ ශරීරයේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල කිසිවක් නොතිබූ බවයි.
එම වාර්තාවට අනුව මෘතශරීරයේ, උදරය තුළ කැඩීගිය ප්ලාස්ටික් පැකට්ටුවක් තිබූ බවත්, මරණකරුගේ මුත්‍රා සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේදී එම මුත්‍රාවල අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බවත් හඳුනා ගෙන ඇති අතර මරණයට හේතු විය හැකි හෝ ඊට දායක විය හැකි අභ්‍යන්තර තුවාල කිසිවක් නිරීක්ෂණය නොවුණු බවයි වාර්තා වන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී බියට පත් වූ මෙම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ගිල දමන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.