අනපේක්ෂිත ලෙස පොලිස් නිළධාරියෙකුට වූ සංවේදී ඉරණම..

Sri Lanka Police Accident
By krishani Nov 23, 2022 08:20 AM GMT
Report

වැටලීමටක ගොස් ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කාණ්ඩායමක පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්වී ජිවිතක්ෂයට පත්ව ඇත.

ඒ ඉකුත් 21 වන දින රාත්‍රියේ පනාමුර - ඇඹිලිපිටිය මාර්ගයේ පනාමුර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ.

ඔවුන් වැටලීමකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණෙමින් සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ යතුරුපැදියට එකවරම මාර්ගයේ සිටි සුනඛයෙකු පැන ඇති අතර එහිදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී ඇත.

යතුරුපැදියේ සිටි දෙදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (22) එක් නිලධාරියෙකු මිය ගියේ ය.

ඔහු 36 හැවිරිදි පන්ගන්විලයාය කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් නිලධාරියා ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join