සිය බිරිඳ කුරිරු ලෙස ඝාතනය කළ සැමියාට අත් වූ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Crime
By krishani Nov 26, 2022 05:39 AM GMT
Report

මහව - ඉරිබිස්ස වැව් තාවුල්ලේ ගසක එල්ලි ගෙල වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇත.

මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 24 වනදා පොල්පිතිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වන අතර ඔහු ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා බවට ද අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මහව පොලීසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join