බැක්ටීරියාවක් නිසා කාන්තාවක් මිය යයි - ජනතාව දැනුවත් කිරිමක්..

Sri Lanka
By krishani සති 1 කට පෙර
Report

ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගියෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසැළක කාන්තාවක් මෙම බැක්ටීරියාව ශරීරගත වී රෝගී වී මියයාම හේතුවෙන් සිරිපා කරුණා කරන මාර්ග කිහිපයේම වෙළඳසැල් පරීක්ෂාවට සෞඛ්‍ය අංශ ඊයේ(17) පියවර ගනු ලැබී ය.

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වූයේ සිරිපා කරුණා කළ සැදැහැවතුන් කිහිපදෙනෙකු ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව ය.

එවන් පසුබිමක හැටන් ශ්‍රී පාද මාර්ගයේ ද වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සාම්පල ලබාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

කෙසේවෙතත් ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගතවීමෙන් රෝගී වූ බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තාවුව ද ඒ පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අදාළ රෝගී තත්ත්වය වැළඳුණු බවට මේ දක්වා තහවුරු වී ඇත්තේ එරත්න ප්‍රදේශයේ මියගිය කාන්තාව පමණක් බව එම අංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.