කාන්තාවකගේ මළ සිරුරක් ළිඳකින්.. (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By krishani
ගලේවෙල, තලකිරියාගම - පහළවැව කොටසේ දී නිවසක් ආසන්නයේ පිහිටි ළිඳක තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.
පෙරේදා(27) සිට අතුරුදන්ව සිටි ඇය 53 හැවිරිදි ආර්.එම්.පද්මලතා නමැති දෙදරු මවක වන අතර 27 වැනිදා රාත්රියේ අසල නිවසකට ගොස් එන බව පවසා නිවෙසින් බැහැරව ගිය බවත් ඇය එනතුරු නිදාගෙන සිටි බවත් මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයා පවසා ඇත.
පසුදා බිරිඳගේ නොපැමිණීම නිසා සැමියා විසින් ඊයේ පස්වරුවේ නිවස ඉදිරිපිට ඇති අනාරක්ෂිත ළිඳ අසල බිරිඳගේ පාවහන් ඇති අයුරු දැක ගම්වාසීන් සමග එක්වී ළිඳ සෝදිසි කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |