වසර 19කට පෙර කුවේට් ගිය මවට වූ ඛේදවාචකය..

Sri Lanka
By krishani Sep 14, 2022 02:26 AM GMT
Report

2003 වසරේ දී විදේශගත වූ තම මවගේ දේහය යළිත් දිවයිනට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකර දෙන ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ දරුවන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.

පොළොන්නරුව - ඉසිපතන මාවතේ පදිංචි විනීතා හෙට්ටිආරච්චි නැමති අදාළ කාන්තාව කුවේට් රාජ්‍යය බලා විදේශගත වන්නේ 2003 වසරේ අගෝස්තු මස 30 වනදා වන අතර ඇය විදේශගත වී වසර දෙකක් පමණ ගතවන තුරු නිවසට දුරකථනයෙන් ඇමතුම් ලබා දී ඇත.

ඇය සම්බන්ධයෙන් ඉන් පසුව තොරතුරක් නොලැබීම හේතුවෙන් 2007 වසරේ දී ඇයගේ දරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබඳව පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇති අතර ඇයව විදේශගත කළ රැකියා ඒජන්සියේ නිලධාරීන් ද ගෙන්වා විමර්ශනයක් සිදු කළ නමුත් තම මව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව ඇයෙගේ දරුවන් පවසයි.

ඔවුන්ගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොලද තත්වයක් තුළ පසුගිය 8 වන දා තම මව මියගොස් ඇති බව දරුවන්ට දැන්වීමට කටයුතු කර තිබෙන අතර ඇයගේ දියණිය පැවසුවේ තම මවගේ මරණය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කළ යුතු බවය.