ඇළකට වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 24, 2022 12:52 AM GMT
Report

ඊයේ (23) දින වස්කඩුව - සමගිපුර මහ ඇළේ වැටී පුද්ගලයෙකු මියගොස් සිටියදී උදෑසන හමු වී ඇත.

කළුතර උතුර පොලීසිය පවසන්නේ මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව, නුගගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී පුද්ගලයෙකු බවයි.

පෙරේදා (22) රාත්‍රි ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඇළේ ජලමට්ටම ඉහළ ගොස් තිබී ඇත.

ඊයේ උදෑසන ජලය තරමක් බැස යනවිට පුද්ගලයෙකු වැටී සිටිනු දැක පොලීසිය දැනුවත් කර ඇතැයි සඳහන් වේ.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මළසිරුර ගොඩගෙන ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.