වෙඩිල්ලකට තවත් ජීවිතයක් බිලි වෙයි..
Sri Lanka
By krishani
වැල්ලවාය - මැදගොඩ ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග සතුන් දඩයමේ ගොස් ඇති අදාළ පුද්ගලයා මැදගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දී බඳින තුවක්කුවකට හසුව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇත.එහිදී ඔහු මියගොස් තිබෙන අතර එලෙස මියගොස් ඇත්තේ මැදගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |