රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (06) රාත්‍රී කාලයේ කුරුඳුවත්ත විජේරාම මාවතේදී සිදුවූ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
විජේරාම හන්දිය දෙසට ධාවනය වූ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |