කැබිතිගොල්ලෑව විරෝධතාව අතර පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයා ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (31) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ විරෝධතාව අතරතුර පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇත.
ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර - කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
ඒ අලියකු පහර දීමෙන් එම ප්‍රදේශයේ කාන්තාවක් මිය යාමත් සමඟ ප්‍රදේශවාසින් විසින් සිදු කළ විරෝධතාවක් නිසා ය.
එම විරෝධතාව පාලනය කිරීමට පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කළ අතර මෙම විරෝධතාව අතරතුර දී අදාළ පොලිස් සැරයන්වරයා ප්‍රදේශවාසින්ගේ පහර කෑමට ලක් විය.
පසුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගැනුණු අතර ඔහු මිය ගිය බව අද වාර්තා විය.ඔහු 54 හැවිරිදි වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |