ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයෙක් ළිඳකින් අභිරහස් ලෙස හමු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
යාපනයේ - නෙල්ලි අඩිකලත්ති කරණවෛ ගම්මානයේ දින 03ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් අද (04) පෙරවරුවේදි සොයා ගන්නා ලදී.
ඒ එම ප්‍රදේශයේ ම ළිඳක් තුළ පාවෙමින් තිබියදි ය.
මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියෙහි පසුවන එස්.වියාලේන්ද්‍රන් නමැති එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් වන අතර දින තුනක සිට තම ඥාතියා ආගිය අතක් නොමැති බව පවසමින් පොලිසියට මියගිය පුද්ගලයාගේ ඥාති පාර්ශ්වය විසින් පැමිණිල්ලක් ද ගොනු කර තිබුණා.
ඉන් අනතුරුව පොලිස් විමර්ශන ඇරඹූ අතර, මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |