විදුලි කණුවක් හිස මතට වැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Aug 10, 2022 05:28 AM GMT
Report

ගලෙන්බිඳුනුවැව - වේරගල ප්‍රදේශයේ විදුලි කණුවක් හිස මතට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(09) දින පුද්ගලික ඉඩමක අතුරු මාර්ගයක් ආසන්නයේ තිබූ තේක්ක ගසක් පිරිසක් විසින් කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබු අතර එහිදී එම තේක්ක ගස විදුලි රැහැනක් මතට ඇද වැටී තිබේ.

පසුව විදුලි රැහැන සම්බන්ධ වී තිබූ කණුව ද බිඳ වැටී ඇති අතර එම අවස්ථාවේදී ඒ අසල සිටි මෙම පුද්ගලයාගේ හිස මතට එය කඩා වැටී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි යක්කල - පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් ය.