කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කණ්ඩියක් නිවසක් මතට කඩා වැටෙයි - සිදු වූ සංවේදී ඛේදවාචකය..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 01, 2022 05:45 AM GMT
Report

බණ්ඩාරවෙල - හම්පරාව ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (31) රාත්‍රියේ කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කණ්ඩියක් නිවසක් මතට කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇත.

73 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ, පුතා සහ ඥාතී කාන්තාවක් නිවසේ සිට ඇත.

නිවසේ හිමිකරු සහ ඥාතී කාන්තාව තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිවසේ හිමිකරු මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join