දියණියගේ අමානුෂික පහර කෑමෙන් පියෙක් මිය යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jul 12, 2023 08:14 AM GMT
Report

කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ කළුදාවලී ප්‍රදේශයේ දී සිය දියණියගේ  පහර කෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බව කලවංචිකුඩි පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ හැට එක් හැවිරිදි අයෙක් ය.

බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයා සිය දියණිය සමග ඇති වූ ආරවුලක දී දියණිය විසින් පොල්ලකින් ඔහුට පහර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි දියණිය අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.