ලඳු කැලෑවකින් නාඳුනන නිරුවත් මළ සිරුරක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 02, 2023 05:35 PM GMT
Report

කඩුවෙල වැවපාර, ලඳු කැලෑවක් තුළ තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වී තිබෙනවා.

එම මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක කළ හැකි බව කඩුවෙල පොලීසිය සඳහන් කළේ ය.

එමෙන්ම අදාළ මළ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ හැකි සලකුණු ද දක්නට ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කඩුවෙල පොලීසිය විසින් සිදුකරනු ලබයි.