අධිවේගී මාර්ගයේ දී වාහනයේ ටයරය නිසා තරුණයෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත පුවත.

Sri Lanka Police Accident
By krishani Jan 27, 2023 12:34 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කරමින් තිබිය දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සිය මෝටර් රථයෙන් බැස එය යථා තත්ත්වයට පත් කරමින් සිටි තරුණයෙක් වෙනත් වාහනයක ගැටී මිය ගොස් ඇත.

ඔහු පින්නදූව ප්‍රදේශයේ සිට කොට්ටාව දෙසට සිය වාහනය ධාවනය කර ඇත. එම රථයේ පිටුපස ටයරයේ හුලං අඩු වීම හේතුවෙන් වෙනත් ටයරයක් මාරු කිරීම සඳහා මෝටර් රථය අධිවේගී මාර්ගයේ පසෙකින් නවත්වා ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 57වන කිලෝමීටර් කණුව ආසන්නයේ ටයරය මාරු කරමින් සිටිය දී එම දිශාවටම ධාවනය වූ වෙනත් මෝටර් රථයක ඔහු ගැටී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය ගොස් ඇති අතර ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join