බස් නැවතුම්පොළකින් නාදුනන මළ සිරුරක්.

By krishani Jul 16, 2023 06:05 AM GMT
Report

අද (16) උදෑසන හැටන් - කොළඹ සහ මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළක් තුළ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, බස් නැවතුම්පොළ තුළ තුවාල සහිතව පුද්ගලයකු බිම වැතිරී සිටින බවට එම බස් නැවතුම්පොළට පැමිණි මගියකු විසින් හැටන් පොලිසියට දැනුම් දුන් බවයි.

තොරතුරු අනාවරණය වී ඇත්තේ, ඔහු ඊයේ පස්වරුවේ සිට එහි සැරිසරමින් සිටි බවයි.

කෙසේ වෙතත්, සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.