අතුරුදන් වූ හමුදා නිළධාරියෙකුගේ මළ සිරුර හමු වුණ තැන - මෙහෙම දෙයක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති..
මින් දින දෙකකට ඉහත සිට අතුරුදන්ව සිටි බව කියන යුධ හමුදා සැරයන්වරයකුගේ සිරුරක් හමු වී තිබෙනවා.
ඒ ගල්කිරියාගම ඉදිගොල්ලාගම වැවේ තිබිය දී ය.
ඒ බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ ය.
මෙම සැරයන්වරයා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ අය විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණීල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පොලිසිය විමර්ශනයක් සිදුකර ඇත.
ඔහු ඉකුත් 08 වනදා සවස ගල්කිරියාගම ඉදිගොල්ලාගම වැවට පැමිණ ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව කලාවැව පොලිස් ජීවිත ආරක්ෂක ඒකයේ නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලිසිය විසින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙනවා.
එහිදී ගල්කිරියාගම ඉදිගොල්ලාගම වැවේ තිබී ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 8වන කාලතුවක්කු බලඇණියට අනුයුක්තව කිලිනොච්චිය ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක සේවය කරමින් සිටින යුධ හමුදා සැරයන්වරයෙක් ය.
40 හැවිරිදි වියේ පසුවන ඔහු එක්දරු පියෙකු වන අතර ගල්කිරියාගම ඉහල උල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් ය.
කෙසේ වෙතත්, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.