ව්‍යාපාරිකයෙක් පස් වැනි තට්ටුවෙන් ඇද වැටෙයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Jul 23, 2023 06:16 PM GMT
Report

අද (23) දහවල් කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් ව්‍යාපාරිකයකු ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි කමල් එරාන් හේරත් සඳරත්න නැමැති ව්‍යාපාරිකයෙක් ය.

මොහු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගත්තා දැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යන බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලැබු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.