මෙරට තරුණ සංගීත ශිල්පියෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට.. (PHOTO)

Anuradhapura Hospitals in Sri Lanka Accident Death Latest Headlines
By krishani Apr 08, 2024 05:14 PM GMT
Report

අද (08) අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත් විය.

මෙරට තරුණ සංගීත ශිල්පියෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට.. (PHOTO) | Death One Person At Anuradhapura

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි 23 හැවිරිදි සංගීත ශිල්පියෙක් බව තලාව පොලිසිය සඳහන් කළේ ය. 

මෙම තරුණයා අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිට තිබෙනවා.

ද්විත්ව ඝාතනයක සැකකරු ද?. ජීවිතයක් අහිමි කළ වෙඩි හුවමාරුව.. උදෑසනම ඇහුන ආරංචිය මෙන්න.

ද්විත්ව ඝාතනයක සැකකරු ද?. ජීවිතයක් අහිමි කළ වෙඩි හුවමාරුව.. උදෑසනම ඇහුන ආරංචිය මෙන්න.


එහිදී තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරනු ලබයි.