මෙතරම් ආලවන්තකමක් - බිරියගේ මරණය දරාගත නොහැකිව ළය පැලී මියගිය සැමියා..

By krishani May 27, 2022 08:09 AM GMT
Report

පසුගියදා ඇමෙරිකාවේ ටෙක්සාස්හි පාසලකට එල්ල කළ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමි පුරුෂයා හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බවට වාර්තා වේ.

මොවුන් මීට අවුරුදු 24කට පෙර විවාහ වී ඇති අතර ඔවුන්ගේ ඥාති පුත්‍රයෙක් පවසා තිබෙනුයේ ඉර්මා ගාර්සියා නම් ගුරුවරියගේ ස්වාමි පුරුෂයා වන ජෝ ගාර්සියා සිය බිරිඳගේ මරණයෙන් නිසා දැඩි හිත් තැවුලකින් පසුවූ බවයි.

සිදුකළ වෙඩිතැබීමෙන් ගුරුවරියක් සහ කුඩා ළමයි 19 දෙනෙක් මරණයට පත් වූ අතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන්  අවුරුදු 18ක් පමණ වූ තරුණයා පොලිස් වෙඩිපහරින් මරණයට පත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join