හිස සුන් වූ මළකඳක් හමු වේ..
Sri Lanka
By krishani
අද (27) දින උදෑසන කඹුරුපිටිය - තිබ්බොටුවාව ප්‍රදේශයේ හිස නොමැති සිරුරක් හමුවී තිබෙන අතර ඝාතනය කෙරුනු පුද්ගලයා වයස අවුරුදු 70 ක පමන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකළ යකැදුරකු බව පොලිසිය පවසයි.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම යකැදුරාගේ හිස ශරීරයෙන් වෙන් කර ඔහුගේ නිවස ආසන්නයෙන් ගලායන නිල්වලා ගඟට දමා ඇති බවටයි.
ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා යකදුරාගේ අසල්වාසියෙකු වන බවත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.