තටාකයක විදෙස් තරුණයෙකුගේ මළ සිරුරක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 18, 2022 07:34 AM GMT
Report

වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයක කොරියානු ජාතිකයෙක් මියගොස් සිටි බව වාද්දූව පොලීසිය පවසයි.

එම විදෙස් ජාතිකයා ඊයේ (17) සවස එම හෝටලයට පැමිණ තිබෙන අතර අද (18) උදෑසන 8.30ට පමණ එම හෝටලයේ සේවකයෙකු පිහිනුම් තටාකයේ මුනින් අතට වැටී සිටි විදෙස් ජාතිකයා දැක කළමනාකාරීත්වයට දැනුම් දී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දකුණු කොරියානු ජාතිකයෙක් වන 43 හැවිරිදි පුද්ගලයෙක් ය.