එකම පවුලේ පස් දෙනෙක් සියදිවි නසාගෙන - අවාසනාවන්ත පුවතක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 02, 2023 04:47 PM GMT
Report

අද (02) එප්පාවල - සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක 24 හැවිරිදි තරුණයකු ගෙල වැල ලාගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ, තුසිත සම්පත් බණ්ඩාර නම් 24 හැවිරිදි තරුණයෙක් බව එප්පාවල පොලීසිය සඳහන් කළේ ය.

මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ සිදු වූ බහින් බස් වීමක් ය.

මරණකරුගේ පවුලේ සොයුරන් තිදෙනකු හා සොයුරියක ද මීට පෙර සියදිවි නසාගෙන තිබෙන අතර ඔහුද සමගින් සියදිවි නසාගත් පස් වැන්න මොහු වේ.

එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.