නාන්න ගිය විසල් සද්ධන්තයෙක් අඩි 20ක් පමණ පහලට එකවරම ඇදගෙන වැටෙයි - ලංකාවම හඬවමින්, දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටි සද්ධන්තයා ගන්න දොඹකරයකුත් එයි.. (PHOTOS)

Elephant Death
By krishani Oct 14, 2023 07:42 AM GMT
Report

නවගමුව මාපිටිගම පාලම අසලින් කැළණි ගඟේ දිය නෑවීමට රැගෙන ආ අලියකු අඩි 20 ක් පමණ පහලට ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් එම සත්ත්වයා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය සඳහන් කළේ ය.

මෙම අලියාගේ වයස අවුරුදු 70 ක් පමණ වන අතර නෑවීම සඳහා මාපිටිගම ප්‍රදේශයේ රැක බලා ගන්නා පිරිසක් විසින් කැලණි ගඟට රැගෙන ගොස් තිබෙනවා.

පසුව නහවා යළි පාලම මතට රැගෙන යාමට කුඩා පඩිපෙළක් මතින් පහල සිට ඉහලට රැගෙන යාමේ දී මෙලෙස එක්වරම පහලට ඇද වැටී ඇත්තේ.

පසුව පශු වෛද්‍ය නිළධාරීන් පැමිණ එම ස්ථානයේදීම සේලයින් ලබා දී මූලික ප්‍රතිකාර ලබා දී ඇත.

අනතුරුව දොඹකරයක ආධාරයෙන් ලොරි රථයකට පටවාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා රැගෙන ගොස් තිබෙනවා.

GalleryGalleryGalleryGalleryGalleryGallery