මවගේ කොන්ඩ බූලයට ගෙල සිර වීමෙන් පාසල් දරුවෙකු මියගිය සංවේදී පුවතක්..

Sri Lanka
By krishani Oct 07, 2022 09:06 AM GMT
Report

තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමාගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක එල්ලී ගෙළ සිර වීමෙන් අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට - මහබෝගොඩ ප්‍රදේශයේ විදුහලක හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වේ.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිදන කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇණයක මෙලෙස දරුවා එල්ලී සිටින ආකාරය වැඩ නිමකර නිවසට පැමිණි ඔහුගේ පියා විසින් දැක ඇත.

එම අවස්ථාවේම පියා සිය දරුවා හොරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇත.