පොල් ඇහිදීමට ගිය පුද්ගලයෙක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙයි..

By krishani Nov 27, 2022 02:11 AM GMT
Report

මහවැලි රක්ෂිත ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහනුවර-කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

වයස අවුරුදු 21 ක තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු පෙරේදා(25) රාත්‍රී තම සහෝදරිය සමඟ නිවස අසල පිහිටි මහවැලි රක්ෂිතයට ගොස් ඇත්තේ රාත්‍රී ආහාරය සකස් කර ගැනීමට පොල් ගෙඩියක් අහුලා ගැනිමට ය.

එම අවස්ථාවේ අනවසර විදුලි රැහැනක ගැටී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join