පස් කන්දකට යටවී පුද්ගලයෙක් මරුට..
TN Weather
Death
Weather
By Aruna
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ නාවලපිටිව, මාහකුඹුරු ප්‍රදේශයෙන්.
මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වෙරලුගස්හින්න, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
ඊයේ (02) දහවල් කාලයේ දී අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටි පුද්ගලයකුගේ ඇඟ මතට මෙම පස් කන්ඳ කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
පස් කන්ද ඉවත් කර පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කළ ද, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.