රෑ නින්දට ගිය කතකගේ මළසිරුර උදේ ඇළ මාර්ගයකින් හමුවෙයි..
කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (18) අලුයම් කාලයේ සොයාගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, මෙලෙස සොයාගෙන ඇත්තේ නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ සෙන් ජෝන් ඩිලරි වතුයායේ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක් බවයි.
අදාළ කාන්තාව ඇල මාර්ගයට පැන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.
තම මව ඊයේ (17) රාත්‍රියේ නිවස තුළ නින්දට ගිය බවත්, අද (18) උදෑසන වෛද්‍ය සායනයක් සඳහා යාමටත් තිබූ බැවින් අලුයම තුනට පමණ ඇයව අවදිකරවීමට බලන විට ඇය නිවසේ නොසිටි බව මියගොස් ඇති කාන්තාවගේ පුත්‍රයා සඳහන් කළා.
පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසට මීටර් 100ක් පමණ දුරින් ගලා යන කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තම මවගේ මළ සිරුර තිබී හමුවූ බව ඇයගේ පුතා පොලීසියට පවසා තිබේ.
කෙසේවෙතත් නොර්වුඩ් පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.