මනුස්සයෙක් වතුරට වැටිලා ගිලිලා මැරුණාම, ඒ මනුස්සයා පාවී පාවී තියෙන්නේ කොහොමද?

By Wayomi Jul 25, 2022 07:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබ ඕන තරම් දැකලා ඇති ජලයේ ගිලි මියගිය අය. ඒ විදිහට සිදු වන මරණ අතර ඇසට දකින සිදුවීම් හැර අභිරහස් ලෙස සිදු වූ මරණද ඕන තරම් තියෙනවා. ඒ අභිරහස් විසඳන්න දෙවියෝ වගේ උදව් වෙන්නේ අපරාධ විද්‍යාවයි. ඉතින් මේ කියන්න යන්නේ අපරාධ විද්‍යාවෙන්, දියේ ගිලි මිය ගිය පුද්ගලයන්ගේ මරණයේ රහස, මැරුණු වෙලාව අනුව හොයාගන්නේ කොහොමද කියලයි.

මනුස්සයෙක් වතුරට වැටිලා ගිලිලා මැරුණාම, ඒ මනුස්සයා පාවී පාවී තියෙන්නේ කොහොමද?

🏊🏼‍♀️ සාමාන්‍යයෙන් මිනිහෙක් වතුරට වැටිලා හුස්ම හිරවෙලා මැරුණට පස්සේ ඒ බොඩි එක පාවෙන්න පටන් ගන්නවා.

🏊🏼‍♀️ ඒ මිනිස් ශරීරයේ ඝනත්වය වතුරේ ඝනත්වයට වඩා අඩු නිසා.

🏊🏼‍♀️ හැබැයි ටිකෙන් ටික ඒ මනුස්සයාගේ පෙනහළුවල තියෙන වාතය අයින් වෙලා ඒ වෙනුවට වතුර පිරුණට පස්සේ තමයි මිනිය යට යන්නේ.

🏊🏼‍♀️ මැරිලා උපරිම විනාඩි 20ක් 30ක් අතර කාලයකදී සිදු වෙනවා.  

ගිලුනට පස්සේ ආයේ උඩ එන death බොඩි

🏊🏼‍♀️ ගිලුනට පස්සේ death බොඩි එකක් ආයේ උඩට එන්න නම්, ඒකට අනිවාර්යයෙන්ම පැය 24කට වඩා ගත වෙනවා.

🏊🏼‍♀️ මේ විදිහට යට යන death බොඩි ඇතුලේ බැක්ටීරියා ක්‍රියා කරලා මීතේන් වගේ ගෑස් එකක් හැදෙනවා.

🏊🏼‍♀️ අන්න ඒ ගෑස් එක නිසා තමා බොඩි එක ආයේ උඩට මතු වෙන්නේ. 

  

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW