18 හැවිරිදි තරුණියක් දරුවෙක් ප්‍රසූත කර බේසමක දමා යයි..පසුව සිදුවූ සියල්ල හෙළිවෙයි..

Sri Lanka Police Sri Lanka Death
By Aruna Oct 08, 2023 06:44 AM GMT
Report

18 හැවිරිදි අවිවාහක තරුණියක් ඊයේ (07) සිය නිවෙසේදී දරුවකු ප්‍රසූත කර පසුව එම දරුවා නාන බේසමකට දමා ඇය රෝහලට ඇතුළත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම තරුණිය උඩුගම, හෝදොළවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.

ඇය උදරාබාධයක් යැයි පවසමින් ඇතුළත්ව ඇත්තේ ගාල්ල, උඩුගම රෝහලට වන අතර, එම රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම තරුණිය පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ ඇය දරුවකු ප්‍රසූත කර ඇති බවයි.

පසුව රෝහලේ පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඇයගේ නිවෙසට ගොස් සෝදිසි කිරීමේදී සොයා ගෙන ඇත්තේ දරුවා නාන බේසමක දමා ඇති බවයි.

වෛද්‍යවරු පැවසුවේ, පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවා රෝහලට රැගෙන ආව ද ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති බවයි.