බෝට්ටුවක් ගිලී යාමෙන් 53ක් ජිවිතක්ෂයට - 20ක් රෝහලට..

By krishani Sep 23, 2022 09:37 AM GMT
Report

සිරියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් ගිලී යාම නිසා සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයාගෙන ඇති බව ලෙබනනයේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිවි ගලවා ගත් 20 දෙනෙකු දකුණු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබයි.

බෝට්ටුව මුහුදුබත් වන විට පුද්ගලයින් 120ත් -150 ත් අතර ප්‍රමාණයක් සිට ඇත. ගලවා ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක අතර යාත්‍රාව ගිලී ගියේ කෙසේදැයි බලධාරීන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

සංක්‍රමණිකයන්ගේ ජාතිකත්වය අපැහැදිලි බවත් ලෙබනනයේ ට්‍රිපොලි වරාය නගරයට ආසන්න නගරයක් වන Minyeh සිට යාත්‍රාව පිටත්ව ගොස් ඇති බවත් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරයි.