බිහිසුණු ගුවන් ප්‍රහාරයකින් 50ක් ජිවිතක්ෂයට - 100කට තුවාල.. (විදෙස්)

By krishani Oct 25, 2022 07:05 AM GMT
Report

මියන්මාරයේ ජනවාර්ගික කැරළි කණ්ඩායමක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

උතුරු මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ සංවිධානය කරන ලද ප්‍රසංගයකට ගුවන් යානයකින් බෝම්බ තුනක් හෙලූ බවය.

ඝාතනයට ලක්වූවන් අතර ජනප්‍රිය ගායක ගායිකාවන් හතර දෙනෙකු සිටින බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join