වෙඩි තැබීමකින් මිය ගිය ගණන 37ක් දක්වා ඉහළට.. (විදෙස් පුවත්)

Thailand
By krishani Oct 07, 2022 05:43 AM GMT
Report

ඊසානදිග තායිලන්තයේ ඊයේ (06) පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර ළමුන් 23 දෙනෙකු සිටින අතර අවුරුදු දෙකට අඩු ළමුන් බොහෝ පිරිසක් මිය ගොස් ඇත.

තුවක්කුකරු සියදිවි නසා ගෙන ඇති බවත්,මොහු හිටපු පොලිස් නිලධාරියෙක් බවත් සඳහන් වේ.

මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සේවයෙන් පහ කර ඇති බවද එරට පොලිසිය සඳහන් කළ අතර ඔහු 34 හැවිරිදි අයෙක් ය.

තුවාල ලැබූ පුද්ගලයන් Nong Bua Lamphu දිස්ත්‍රික් රෝහල වෙත ගෙන ගොස් ඇති අතර පෙර පාසැලේ ප්‍රධාන ගුරුවරිය වන Nanticha Panchum පවසා තිබෙන්නේ ප්‍රහාරකයාගේ පුතා මීට පෙර සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණි නමුත් මාසයක කාලයක් සිට එහි නොපැමිණි බවය.