පිපිරීමකින් 28ක් ජිවිතක්ෂයට.. (විදෙස් පුවත්)

By krishani Oct 15, 2022 05:45 AM GMT
Report

උතුරු තුර්කියේ බාර්ටින් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔවුන්ව මුදවා ගැනීමට එරට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යොදා ඇත.තවමත් එහි සිර වී සිටින සේවකයින් සංඛ්‍යාව නිශ්චිතව හෙළි වී නොමැති අතර මෙම සේවකයින්ගෙන් අඩක් පිපිරුම සිදු වන අවස්ථාවේ දී මීටර් 300කටත් වඩා ගැඹුරක සිට ඇත.

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය Fahrettin Koca පැවසුවේ පුද්ගලයන් 11 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමුකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join