පවුල් ආරවුල බැංකුවටම යයි - කාන්තාවක් කුරිරු ලෙස ඝාතනය කරයි..

Sri Lanka Police Crime
By krishani Nov 09, 2022 03:09 AM GMT
Report

හක්මන - කැඹිලියපොළ දකුණ සණස බැංකුව තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (08) දහවල් 22 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇත.

පවුල් ආරවුලක් මත සැමියා විසින් ඇය සේවය කළ මෙම බැංකුවට පැමිණ ඝාතනය සිදු කර ඇත.

සැකකාර සැමියා ප්‍රදේශය අත හැර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.