රථ පෙළකට ත්‍රස්ත ප්‍රහාරයක් - 20ක් ජිවිතක්ෂයට..

By krishani Sep 05, 2022 03:50 AM GMT
Report

සෝමාලියාවේ ආධාර ප්‍රවාහනය කරන රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් එහි ගමන් ගත් විසිදෙනෙකු මියගොස් ඇත.

අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය එල්ල කළ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින අතර මෙය වැරදීමකින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණ වී ඇත.

මීට පෙර සෝමාලියාවේ හෝටලයකට කඩා වැදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් විසිදෙනෙකු මියයෑමේ සිද්ධියේ ප්‍රහාරකයන් වන්නේ මෙම අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join